කොළොන්නාවේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට පිහිටි හෝටලයක ගින්නක් හටගෙන තිබෙනවා.
හෝටලයේ සිදු වූ ගෑස් පිපිරීමක් නිසා දෙවැනි මහල හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගින්නෙන් තුවාල ලැබූ අයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.



