27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් රැගෙන සිරිපාදේ ගිය අයෙක් අල්ලයි

මත්පැන් රැගෙන සිරිපාදේ ගිය අයෙක් අල්ලයි

නීතිවිරෝධී මත්පැන් බෝතලයක් රැගෙන ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි පුද්ගලයකු ඉඳිකටුපාන පොලිස් මුරපොලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාට ලබන ජනවාරි මස 03 වැනිදා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් ඇප මත මුදා හැරි බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරු තවත් වන්දනාකරුවන් 12 දෙනෙකුගෙන් සමන්විත නඩයක් සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණ තිබුණා.

ජලය රැගෙන යන ප්ලාස්ටික් බෝතලයක සැකකරු මෙලෙස නීති විරෝධී මත්පැන් රැගෙන වන්දනාවේ පැමිණ ඇති බව සඳහන්. මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ප්‍රකාශ කර ඇති අංකයට ලැබුණු තොරතුරක් මත ඉදිකටුපහන පොලිස් මුරපොල වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණා.

එම වන්දනා නඩය ඉඳිකටුපහණ පොලිස් මුරපොලේ නිලධාරින් විසින් පරීක්ෂා කර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා නල්ලතන්නිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් පොලිස් නිල සුනඛ අංශයේ ද සහයෝගය ඇතිව අත්අඩංගුවට ගැනිමට වන්දනාකරුවන් ගමන් ගන්නා සියළුම මාර්ගවල සහ හැටන් දුම්රිය ස්ථානයේ පොලිස් මෙහෙයුම් සිදු කරන බව සඳහන්.