27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ මහ මොළකරුවන් ගැන අනාවරණයක්

ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ මහ මොළකරුවන් ගැන අනාවරණයක්

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (28) CID යට කැඳවා තිබුණා.

එම අවස්ථාවේදී වෛද්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය පිටුපස සිටින මහ මොළකරුවන් තිදෙනෙකු පිළිබඳ අනාවරණයක්ද සිදු කළා.

වෛද්‍යවරයා මහ මොළකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අතිරේක ලේකම් වෛද්‍ය රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා යන තිදෙනාව එම අවස්ථාවේදී නම් කළා.