― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅත්‍යවශ්‍ය පනත් 08ක් ජනවාරියේදී සම්මත කරනවා

අත්‍යවශ්‍ය පනත් 08ක් ජනවාරියේදී සම්මත කරනවා

රටට අත්‍යවශ්‍යම පනත් 8ක් ලබන ජනවාරි මාසයේදී සම්මත කර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පැවසීය.

ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍යතා අනුව ඉදිරියේදී නව පනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් ඉකුත් මාස 18ක කාලය තුළ නීති අණපනත් 45ක් සංශෝධනය කරමින් නව නීති සකස් කළ බවත්ය.

රටේ නාස්තිය හා දූෂණය අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට සම්මත කර තිබෙන පනත් ප්‍රමාණවත් බව පැවසූ ඇමතිවරයා අදාළ පනත් හරහා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් රට වඩාත් යහපත් තත්ත්වයකට පත් කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කළේය.