30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාලමක් අසළ හිමිකරුවෙක් නොමැති කැබ් රථයක්

පාලමක් අසළ හිමිකරුවෙක් නොමැති කැබ් රථයක්

අඟුරුවාතොට නාර්තුපාන පාලම අසළ ඊයේ (28) රාත්‍රී දමා ගොස් තිබූ කැබ් රථයක් අද උදෑසන අඟුරුවාතොට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස හමුවී ඇත්තේ මිට්සුබිෂී වර්ගයේ කැබ් රථයක් වන අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ කැබ් රථයේ හිමිකරු බොරලැස්ගමුව අබේරත්න මාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙක් බවයි.

ඔහු බලංගොඩ ප්‍රදේශයේ කුඩා ජල විදුලි බලාගාරයක සභාපති ලෙස රැකියාව කළ සිවිල් ඉංජිනේරුවරයෙකු බව සඳහන්.

කැබ් රථයේ හිමිකරු පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර අඟුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.