28 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙරටින් කොවිඩ් වැළඳුණු දරුවන් දෙදෙනෙක්

මෙරටින් කොවිඩ් වැළඳුණු දරුවන් දෙදෙනෙක්

දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින බැවින් දරුවන් පරිස්සම් කරගන්නා ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලයි.

ඒ අනුව කොව්ඩ් වැළඳුණු දරුවන් දෙදෙනකු පසුගිය දින කිහිපයේදී සොයා ගත් බවයි ඔහු සඳහන් කළේ.

සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතින දරුවන් සිටී නම් ඔවුන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

දරුවන් අතර ඉහළ ශ්වසන මාර්ගයේ රෝග කීපයක් පසුගිය දිනවල පැතිරුණු බවත් වයිරස රෝග ඉන් ප්‍රධාන බවත් පැවසූ වෛද්‍යවරයා අවධාරණය කළේ ඩෙංගු රෝගය සහ ළමා හතිය වැළඳුණු දරුවන් බහුලව හමුවන බවයි.