27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමුන් දෙදෙනෙක් සමඟ ලැගුම්හලේ සිටි ක්‍රීඩා ගුරුවරයා අල්ලයි

ළමුන් දෙදෙනෙක් සමඟ ලැගුම්හලේ සිටි ක්‍රීඩා ගුරුවරයා අල්ලයි

එප්පාවල නගරයේ ලැඟුම්හලක පාසල් ළමුන් දෙදෙනෙක් සමඟ සැක කටයුතු ලෙස නවාතැන්ගෙන සිටි ගුරුවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ 51 හැවිරිදි ක්‍රීඩා ගුරුවරයෙක් ඊයේ (28) මෙලෙස එප්පාවලදී අත්අඩංගුවට ගත් බවයි.

මෙම ගුරුවරයා ඔහුගේ පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් සමඟ මෙලෙස නවාතැන්පොළේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ 27 වැනිදා පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සඳහා ළමුන් දෙදෙනා රැගෙන යන බව මව්පියන්ට දැනුම් දී ඔවුන් දෙදෙනා මෙලෙස කැඳවාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එලෙස කැඳවාගෙන පැමිණි ළමුන් දෙදෙනා යළි නිවෙස්වලට නොයවා ලැඟුම්හලක රඳවාගෙන සිටියදී ඊයේ (28) කිසියම් පුද්ගලයෙක් පොලිසියට කළ දැනුම්දීමක් අනුව සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ගුරුවරයා අද (29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එප්පාවල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.