33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියන් සාගරයේ පිට පිට භූමිකම්පා 04ක්

ඉන්දියන් සාගරයේ පිට පිට භූමිකම්පා 04ක්

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරුවේ භූ කම්පන හතරක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

ඒ අනුව අද (29) අලුයම 04.07, අලුයම 06.08, අලුයම 06.48 සහ පෙරවරු 08.08ට මෙම භූ කම්පනයන් සිදුව ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

පෙරවරු 08.08ට සිදුවූ භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 05ක් ලෙස සටහන්ව තිබෙනවා.

මෙම භූ කම්පනවලින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ.