ජපානයේ ඉෂිකාවා ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 7.6ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම භූ කම්පනයෙන් න්‍යෂ්ටික බලාගාරවල කිසියම් අක්‍රමිකතාවක් තිබේදැයි පරීක්ෂා කරමින් සිටින බවයි ජපාන බලධාරීන් සඳහන් කළේ.