― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 1229ක් අත්අඩංගුවට

යුක්තියෙන් සැකකරුවන් 1229ක් අත්අඩංගුවට

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ (2023.12.31 දින පැය 00.30 සිට 2024.01.01 වන දින පැය 00.30 දක්වා) රට පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1229ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එහිදී සැකකරුවන් 86ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 40 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 100 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 400ක්, අයිස් ග්‍රෑම් 260ක්, ගංජා කිලෝ 15යි ග්‍රෑම් 300ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.