― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනව වැට් බදු සංශෝධනය අද සිට

නව වැට් බදු සංශෝධනය අද සිට

නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව මෙතෙක් 15% ක් වූ වැට් බද්ද අද සිට 18% දක්වා ඉහළ යනු ඇති. මෙතෙක් වැට් අය කළ සෑම භාණ්ඩයකම හා සේවාවක මිල අවම වශයෙන් 3% කින් ඉහළ යනු ලබන අතර මෙවර වැට් බදු සංශෝධනයේදී මෙතෙක් වැට් අය නොකළ භාණ්ඩ රැසකටද වැට් බදු පනවනු ලැබීය.

භාණ්ඩ රැසක මිල ඉහළ යෑමට හේතුවන ඩීසල්, පෙට්‍රල් සහ ගෑස් ද ඊට ඇතුළත්ය. කෙසේනමුත් පෙට්‍රල් සහ ඩීසල් මත 18% ක වැට් බද්ද අදාළ වෙද්දී මෙතෙක් ඒ මත අය කළ 7.5% ක් වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කෙරිණ.

ඒ අනුව ඩීසල් හා ප්‍රෙටල් මිල මත 10.5% ක අලුතින් බදු බරක් එක්වනු ඇති.මේ අතර ගෑස් සදහා ද වැට් බදු අදාළ කළේ, ඒ මත තිබූ 2.5 %ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරමින්ය.

ඒ අනුව ගෑස් මිල 15.5% කින් ඉහළ යාමට නියමිතයි. මේ අතර අද සිට මත්පැන් මිලද 3% කින් ඉහළ යන බව, ඩී සී එස් එල් සමාගම ප්‍රකාශ කළේ ය.

වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුරකතන ගාස්තු ද ඉහළ යන අතර දුරකතන සමාගම් පැවසුවේ දැනට පවතින බදුවලට තවත් 3% බදු එක්වන බවයි.

ඒ අනුව ඇමතුම් සඳහා සෙස් බදු ලෙස 2% ක්, විදුලි සංදේශ බදු 15% ක්, සමාජ ආරක්ෂණ බදු 2.5% ක් සහ වැට් බද්ද 15% ක් ලෙස මුළු බදු ප්‍රතිශතය 38.4%කි. එම බදු ප්‍රතිශතය වැට් බදු සංශෝධනයත් සමග 42% කට ආසන්න වෙයි.

දුරකතන සමාගම් පෙන්වා දෙන්නේ, අන්තර්ජාල සේවා සඳහා දැනට පවතින 20.3% ක බදු ප්‍රතිශතය 23.5% ක් දක්වා ඉහළ යන බවයි. දැනට අන්තර්ජාල සේවා සඳහා අයකරන බදු වන්නේ සෙස් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද සහ වැට් බද්දයි.

මේ අතර අද සිට වැඩිවන වැට් බදු හමුවේ රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතකයක් සදහා රුපියල් 18,000ක බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතක ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේය.

මේ අතර ජල බිල්පත් ගාස්තුද, මේ මාසයේ සිට 3 % කින් වැඩිවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාත ගජධීරආරච්චි සඳහන් කළේ වැට් බදු සංශෝධනයත් සමග 3% අමතර වැට් බද්දක් මේ මස සිට ජල බිලට එක්වන බවයි.

මේ අතර ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ මහලේකම් එල් රෝහණ පෙරේරා මහතා පැවසුවේ දෙවැනි කිලෝමීටරය සඳහා අයකරන රුපියල් 80 ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමන බවයි.

සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ අද සිට බත් පැකට්ටුවක මිල ද රුපියල් 25 කින් ඉහළ යන බවයි.