26.1 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIOC සහ සිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට

IOC සහ සිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට

ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමත් සමඟ ලංකා අයි.ඕ.සී සමාගම සහ සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ඉහළ දැමූ අගයන්ගෙන්ම එම සමාගම් දෙකත් ඉන්ධන මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ් අනුව එම සමාගම් දෙකත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38.00කින් මිල ඉහළ දමා තිබෙනවා.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29.00කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41.00කින් ද මිල ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

භූමිතෙල් ලීටරයක් රුපියල් 11.00කින් මිල පහළ දැමීමට ද කටයුතු කර තිබෙනවා.