28.4 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ භූ කම්පනයෙන් 30ක් ජීවිතක්ෂයට

ජපානයේ භූ කම්පනයෙන් 30ක් ජීවිතක්ෂයට

ජපානයට ඊයේ (01) බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 30ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

බටහිර වෙරළේ කිලෝමීටර් 10ක් දුරින් වූ නොගැඹුරු මුහුදේ රික්ටර් මාපාංක 7.5ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාවේ බලපෑම කිලෝ මීටර් 300ක් පමණ දුරකට දැනී තිබෙනවා. භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කිරීමට එරට බලධාරින් කටයුතු කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් දහසක් පමණ සුන්බුන් යට සිරවී ඇති බවට විශ්වාස කරන බවයි.

ඔවුන් සොයා මුදවා ගැනීමේ කණ්ඩායමේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.