― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකලිසම් වාටියේ සඟවා සැමියාට කුඩු ගෙනගිය බිරිය අල්ලයි

කලිසම් වාටියේ සඟවා සැමියාට කුඩු ගෙනගිය බිරිය අල්ලයි

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට කලිසමේ වාටියේ සඟවා හෙරොයින් මත්කුඩු රැගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව – මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් බවයි.

අමුත්තන් බැලීම සඳහා පැමිණ සිටි සැකකාරිය සිය සැමියාට ලබාදීම සඳහා කොට කලිසමක් රැගෙන විත් ඇති අතර බන්ධනාගාර නිළධාරිනියකට සැක සිතී එය පරීක්ෂා කිරීමේදී කලිසමේ වාටියේ සගවා තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 440ක් සොයාගෙන තිබෙනවා.