28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

කීරි සම්බා ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයතු සඳහා විශාල කාලයක් වැය වන බැවින් මෙම තීරණය ගත් බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසන්නේ.

සහල් මිල ඉහළ යාමත් සමග කීරි සම්බා ආනයනයට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ යටතේ සම්බා මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කටයුතු ආරම්භ කළා.

වෙළෙඳ අමාත්‍යංශය පවසන්නේ පෞද්ගලික අංශයට සම්බා ආනයනය කිරීමට අවසර දීමත් සමඟ කඩිනමින් එම තොග දිවයිනට ලැබෙනු ඇති බවයි.