28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගොවීන්ගෙන් 50% කට පොහොර සහනාධාර නෑ

ගොවීන්ගෙන් 50% කට පොහොර සහනාධාර නෑ

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන අවසන් වී තිබේ.

ඒ සඳහා තවත් මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම මුදල් ලැබුණු වහා ගොවීන්ගේ ගිණුම් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර දැනට රුපියල් මිලියන 5000ක මුදලක් ගොවීන්ගේ ගිණුම් වෙත නිකුත් කර තිබෙනවා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ ගොවීන් 583,372 කට එම මුදල් නිකුත් කර ඇති බවයි.

එම සංඛ්‍යාව මහ කන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් 50% ක් පමණ වේ.