යාපනයේ ගොවීන්ට ලබාදීමට ගෙනැවිත් තිබූ නරක් වූ බීජ අර්තාපල් තොගය ඊයේ (02) වල දැමීමට රැගෙන ගිය බව යාපනය ගොවි ජනතාව පවසයි.
ගොවීන් චෝදනා කරන්නේ කුප්පිලාන් ගොවිජන සේවා දෙපාර්තමේන්තු ගබඩාවේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් තොගයක් එලෙස නරක් වී තිබූ බවට පසුගියදා අනාවරණය වූ බවයි.
ලෝක බැංකු ආධාර යටතේ නවීන කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ යාපනය ගොවි ජනතාවට ලබාදීමට තිබූ බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21 කට ආසන්න ප්‍රමාණයක් එලෙස බැක්ටීරියා ආසාදනයකට ලක්ව සිටුවීමට නොහැකි ලෙසට නරක්ව තිබූ බවයි පසුගියදා අනාවරණය වී ඇත්තේ.
ගොවිජන සේවා දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ භාවිතයට ගත නොහැකිව බැක්ටීරියා ආසාදනයකට ලක්ව තිබූ බීජ අර්තාපල් තොගය කිලිනොච්චිය වන සංරක්ෂණ සීමාවේ වල දැමීමට පියවර ගත් බවයි.
යාපනය, කුප්පිලාන් ගොවිජන සේවා දෙපාර්තමේන්තු ගබඩාවේ ගබඩා කර තිබූ නරක් වූ බීජ අර්තාපල් තොගය පොලිතින් උරවල දමා වළ දැමීමට ඊයේ (02) රැගෙන ගොස් තිබෙනවා.
යාපනයේ ගොවි ජනතාව පවසන්නේ අදාළ බීජ අර්තාපල් තොගය ඕස්ට්‍රේලියාවේ සිට ගෙනැවිත් තිබූ බවයි.