23.9 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහුංගම වෙඩි තැබීමක්

හුංගම වෙඩි තැබීමක්

හුංගම පොලිස් වසමේ කිවුල, හුංගම ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (02) රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

අදාළ නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු සමග ඇතිවී තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර නිවසේ කාමරයක දොරකට වෙඩි ප්‍රහාර කිහිපයක් වැදී ඇති බවයි.

වෙඩිතැබීම සිදුකළ සැකකරු ගිනිඅවියද සමග හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.