― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටුනායක ගුවන්තොටේ 28කගේ සේවය අත්හිටුවයි

කටුනායක ගුවන්තොටේ 28කගේ සේවය අත්හිටුවයි

කටුනායක ගුවන්තොටුපොළ තුළ අලුතින් පිහිටවූ ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන අත්හිටුවා තිබෙනවා.

ඔවුන්ගේ සේවය අද දහවල් 12 සිට අත්හිටුවා අනිවාර්ය නිවාඩු යැවීමටයි සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය පියවර ගෙන ඇත්තේ.

මෙම වෘත්තීය සමිතිය කටුනායක ගුවන්තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, අභ්‍යන්තර ගුවන් තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් සම්බන්ධ වී සිටින බව ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු සඳහන් කළා.

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බවටයි එම අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිවල සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සදහන් කර ඇත්තේ.

එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සදහන් කරන සභාපතිවරයා මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම්වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මෙලෙස වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගන්වා තිබෙනවා.

එසේම මෙම වෘත්තීය සමිති නායකයින් සතු ගුවන්තොටුපොළ ඇතුළුවීමේ අවසර පත් සහ ඔවුන් සේවය සඳහා භාවිතා කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාරදෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද ඔවුන්ට තහනම් වනු ඇති.