― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඋසස් පෙළ විභාගය අදින් ඇරඹේ

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වනවා.

ඒ අනුව අද ආරම්භ කෙරෙන විභාගය කාලසටහන අනුව දින 22ක් පැවැත්වෙනු ඇති.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531ක් වශයෙන් අයදුම්කරුවන් 346,976 ක් පෙනී සිටීමට නියමිතයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,298 කදී විභාගය පැවැත්වෙන අතර උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධානය යොමු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

පවතින ආපදා තත්ත්වය යටතේ බාධාවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

පවතින අපදා තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

සියලුම විෂයන් සඳහා මෙම විශේෂ විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේයි. මීට අමතරව ආපදා තත්ත්වයන් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධා මතු වන අපේක්ෂකයන්ට සහනයක් ලබා ගැනීම සඳහා ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 දුරකතන අංක වෙත ඇමතිය හැකියි.