27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා මියගිය රැඳවියා මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ අයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මියගිය රැඳවියා 29 හැවිරිදි කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ රැඳවියා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.