22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කෙරේ

සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කෙරේ

සීගිරිය – දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කර තිබෙනවා.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් නතර කොට තිබු
එම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව නැවත අරඹනු ඇති.

ඒ අනුව සීගිරිය – දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හදුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරගත හැකි බවත් ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුළු මුදල රුපියල් මිලියන 1,045ක් බවත් අමාත්‍යවරයා පැවසුවා. ඉන් රුපියල් මිලියන 320 ක් මේ වසර සදහා වෙන් කර තිබෙනවා.