25.6 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට අද (04) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිල නිවස, මුදල් අමාත්‍යංශය, මහබැංකුව යන පරිශ්‍රවලට ඇතුළුවීම වලක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණ සිදු කරන ලෙසට සහ රාජ්‍ය දේපළවලට අලාභ හානි සිදු නොකරන ලෙසට ද අදාළ නියෝගයේ සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිවයි විදුලි සේවකයන් උද්ඝෝෂණයේ නිරත වන්නේ.