27.8 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටාගේ මුදලට යට වූ පොලිසියේ 19ක් සොයයි

හරක් කටාගේ මුදලට යට වූ පොලිසියේ 19ක් සොයයි

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමඟ සමීප සබඳතා පවත්වමින් මුදල් ඉපැයූ බව කියන පොලිස් නිලධාරීන් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පොලිස් නිලධාරීන්ගෙන් වැඩි දෙනකු දකුණු පළාතේ රාජකාරි කරන නිලධාරීන් වන අතර හරක් කටා සමඟ පැවැත්වූ දුරකථන සංවාද මෙන්ම ඊට අදාළ හඬපට පවා මේ වනවිට සොයාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් පවසනවා.

මෙම පොලිස් නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පවා සෙවීමට පොලිසිය රහසිගත විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.