28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 20ක් මෙරටට

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 20ක් මෙරටට

ඉන්දීය රජය විසින් මෙරටට දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා.

එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමඟ භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20 ක් මෙලෙස දිවයිනට ලබාදීමට තීරණය කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර පැවසුවේ.

ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කර ඇති අතර ඒ අනුව දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේදි මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.