29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕස්ට්‍රේලියාවේ මන්ත්‍රී පිරිසක් මෙරට පාර්ලිමේන්තුවේ සංචාරයක

ඕස්ට්‍රේලියාවේ මන්ත්‍රී පිරිසක් මෙරට පාර්ලිමේන්තුවේ සංචාරයක

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලී ටර්ලාමිස් ඕ.ඒ.එම් (Lee Tarlamis OAM), පවුලින් රිචඩ්ස් මහත්මිය (Pauline Richards) සහ ගැරී මාස් (Gary Mass) ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වී තිබෙනවා.

මෙහිදී දූත පිරිස පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න හමුවූ අතර එහිදී ශ්‍රී ලංකාවේ පිහිටුවීමට නියමිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය, පාර්ලිමේන්තු දෙකෙහිම පවතින ආංශික අධීක්ෂණ කාරක සභා, මැතිවරණ ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් පිළිබඳව සහ ශ්‍රී ලාංකික සිසුන්ට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අවස්ථා තවදුරටත් වැඩි කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත් වුණා.

මෙම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ ධම්ම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සෙවනගල නන්දරතන හිමි, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.