26.7 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට

ගලෙන්බිදුණුවැව, ගොමරන්කල්ල ප්‍රදේශයේ ඉදිකිරීමේ භූමියක සේවය කරමින් සිට අයෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (04) සවස් කාලයේදී මිය ගිය තැනැත්තා සේවය අතරතුරදී වැඩබිම තුළට තාවකාලිකව විදුලිය ගැනීම සඳහා අනාරක්ෂිකව ඇද තිබූ විදුලි පේණුවක් ගැලවීමට යාමේදී විදුලි සැර වැදී තිබෙනවා.

ඉන්පසු වැඩබිම තුළ සිටි අනෙක් පිරිස වහාම රෝගියා ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණද ඔහු රෝහල්ගත කරනවිටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ ගල්කුලම, මෙගොඩවැව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 35 ක් පමණ වන විවාහක පුද්ගලයෙකු බවයි.