32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනවසීලන්ත මහ කොමසාරිස් හා ආරක්ෂක ලේකම් අතර හමුවක්

නවසීලන්ත මහ කොමසාරිස් හා ආරක්ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් ඊයේ (04) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මහ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම් අතර පැවති සුහද හමුවේදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා සිය ධුර කාලය තුළදී ආරක්‍ෂක අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව ආරක්‍ෂක ලේකම්වරයා වෙත පළ කර තිබෙනවා.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ එහි කාර්ය මණ්ඩලය වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයා සිය ස්තූතිය පළ කළ අතර දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වූ ඔහුගේ සහය ද අගය කර තිබෙනවා.