26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවත්තල පාසලකින් ගිනි අවියක් හමුවෙයි

වත්තල පාසලකින් ගිනි අවියක් හමුවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ‘ගණේමුල්ලේ සංජීවට’ අයත් බව පැවසෙන ගිනි අවියක් හා ජීව උණ්ඩ තොගයක් වත්තල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලකකින් හමු වී තිබෙනවා.

මහබාගේ පොලිසිය පැවසුවේ ක්‍රිකට් පුහුණුකරුගේ ක්‍රීඩා කාමරයේ ටී 56 ගිනි අවියක්, මැගසින් 04ක්, උණ්ඩ 125 ක්, මි:මී:9 උණ්ඩ 18ක් සහ පොලිස් නිළධාරීන් භාවිතා කරනු ලබන ක්‍රීඩා ඇදුම් කට්ටලයක් හමු වූ බවයි.

සැකකාර ගුරුවරයා මෙම ගිනිඅවිය සහ උණ්ඩ පාසලේ ක්‍රීඩා කාමරයේ අල්මාරියක සඟවා තිබීයදී විමර්ශන නිළධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ගුරුවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.