― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsමුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ අයෙක් දැලේ

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ අයෙක් දැලේ

බලපත්‍ර නොමැතිව කැබ් රථයකින් මුහුදු කූඩැල්ලන් 4500ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර මන්නාරම ප්‍රදේශයේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි වයස 46 හැවිරිදි අයෙක් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මොහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජල සම්පත් දෙපාර්තුමේන්තුව වෙත භාර දී තිබෙනවා.