31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ අයෙක් දැලේ

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ අයෙක් දැලේ

බලපත්‍ර නොමැතිව කැබ් රථයකින් මුහුදු කූඩැල්ලන් 4500ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර මන්නාරම ප්‍රදේශයේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි වයස 46 හැවිරිදි අයෙක් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මොහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජල සම්පත් දෙපාර්තුමේන්තුව වෙත භාර දී තිබෙනවා.