27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ සියයට 30ක් සරම්ප එන්නත එපා කියලා

කොළඹ සියයට 30ක් සරම්ප එන්නත එපා කියලා

සරම්ප අමතර මාත්‍රාව ලබා නොගත් 852 ක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සිටින බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එය ප්‍රතිශතයක් ලෙස සියයට 30ක් බවයි.

2023 වසරේ අවසන් මාස හත තුළ පමණක් සරම්ප රෝගීන් 700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර ඉන් රෝගීන් සියයට 50ක්ම වාර්තා වී තිබුණේ කොළඹ නගරය ආශ්‍රිතවයි.

ඔවුන් බහුතරයක් එන්නත් ලබා නොගත් හෝ එන්නත්කරණය සම්පූර්ණ නොවූ දරුවන් ලෙසට හඳුනා ගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා අවදානම් දිස්ත්‍රික්ක 9ක් මුල්කර ගනිමින් අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කළේය.