ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් අද (11) යාපනයේ සංචාරයක නිරත වී තිබෙනවා.
යාපනය වෙත පැමිණි රාජකීය යුවළ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.
ඈන් කුමරිය උතුරට පැමිණීම පිළිබඳව සිය සතුට පල කළ ආණ්ඩුකාරවරිය ඈන් කුමරිය සමග සුහද පිළිසඳරක ද නිරත වුණා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් රාජකීය යුවළ යාපනය වෙත පැමිණි අතර ඈන් කුමරිය ඇතුළු පිරිස යාපනය පුස්තකාලය නිරීක්ෂණයට ද එක්වී තිබෙනවා.
යාපනය දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන කිහිපයක ඈන් කුමරිය ඇතුලු පිරිස සංචාරය කිරීමටද නියමිතයි.








