29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්ලාස්ටික් වතුර බෝතල් ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක්

ප්ලාස්ටික් වතුර බෝතල් ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක්

ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකාකාරක අංශු 240,000ක් අඩංගු බව අනාවරණය වී තිබෙනවා.

අමෙරිකාවේ, කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කළ නවතම පරීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව බෝතල් කර ඇති එක් ජල ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000 සිට 400,000 දක්වා පවතින අතර එහි ඇතුළත් විෂ අංශු ප්‍රමාණය 240,000ක් බවයි එම විද්‍යාඥයින් පවසන්නේ.

ප්ලාස්ටික් බෝතලයකින් ජලය පානය කිරීමෙන් සිරුරට අහිතකර කුඩා පිළිකාකාරක අංශු ඇතුළත් වන බවත් නැනෝ ප්ලාස්ටික් අංශු ඉතාමත් විෂකර රසායනික ප්‍රභේදයක් වන අතර ඒවා ඉතා ඉක්මනින් සිරුර වෙත ඇතුළුවීමේ හැකියාවක් පවතින බවත් ඔවුන් අවධාරණය කරනවා.