27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරබර් වගාවට දිලීර රෝගයක්

රබර් වගාවට දිලීර රෝගයක්

රබර් වගාවට දිලීර රෝගයක් ව්‍යාප්ත වී තිබෙනවා.

රබර් පර්යේෂණ ආයතනය පැවසුවේ අධික වර්ෂාව මෙන්ම හිරු එළිය නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙම දිලීර රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

වළයාකාර පත්‍ර පුල්ලි පතන රෝගය හෙවත් Pestlotiopsis Microspora ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය රබර් ගසේ පත්‍රවල හට ගන්නා දිලීරයක් හේතුවෙන් ව්‍යාප්ත වන බවයි රබර් පර්යේෂණ ආයතනය පවසන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

වර්ෂාව අධිකවීමත්, හිරු එළිය නිසි පරිදි නොලැබීමත් හේතුවෙන් මෙම දිලීරය ව්‍යාප්ත වන අතර පහතරට තෙත් කලාපයේ රබර් වගාවේ ආරම්භ වූ මෙම රෝගය දැනට මොනරාගල වැනි ප්‍රදේශවලින් වාර්තා වනවා.

මේ වනවිට එම රෝගය පාලනය සඳහා වගාකරුවන් දැනුම්වත් කිරීම ආරම්භ කර ඇති අතර රබර් වගාවන්හි මෙම රෝග තත්ත්වය වාර්තා වන්නේ නම් වහාම රබර් වගාව සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.