32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsක්‍රීඩා පිටියේදී කෝලිට අකරතැබ්බයක්

ක්‍රීඩා පිටියේදී කෝලිට අකරතැබ්බයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරගය ඊයේ (14) ඉන්දෝර් හිදී පැවැත්වුණා.

දෙරට අතර පැවති මෙම තරගය කඩුලු 06 කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර තරගය අතර තුර පිටියේ පන්දු රකිමින් සිටි ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි අසළට පැමිණි ප්‍රේක්ෂකයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩාංගණයේ පැවති ආරක්ෂාව කඩකරමින් ක්‍රීඩා පිටියට ඇතුළු වූ මෙම ප්‍රේක්ෂකයා කෝලිගේ දෙපා ස්පර්ශ කර ඔහුව වැළඳගන්නා ආකාරය දැකගත හැකි වුණා.

පසුව ඔහුව වහාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට අසළ සිටි නිලධාරීන් සහ ආරක්ෂක අංශ කටයුතු කළ අතර ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමටයි ඉන්දෝර් පොලිසිය කටයුතු කර ඇත්තේ.