23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩිලිවරි මුවාවෙන් අයිස් විකුණූ අයෙක් දැලේ

ඩිලිවරි මුවාවෙන් අයිස් විකුණූ අයෙක් දැලේ

එඬේරමුල්ල පොලිස් වසමේ සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් කුලීරථ සේවා සපයන ආයතනයක වැඩ කරන මුවාවෙන් යතුරුපැදියකින් ආහාර බෙදාහරින බෑගයක සඟවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි ඊයේ (14) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එම අවස්ථාවේ සැකකරු සතුව තිබී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය 25ග් ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී කිරුළපන හා පන්නිපිටිය ප්‍රදේශය තුළ සඟවා තිබූ තවත් අයිස් මත්ද්‍රව්‍ය 332ග් 800ම්ග් ක ප්‍රමාණයක්, හෙරෝයින් 50ග් 300ම්ග් ක ප්‍රමාණයක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 97ක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරීම් මෙහෙය වන ‘බබී’ නැමැත්තා සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදුකරන බවයි අනාවරණය වී ඇත්තේ.