29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලොව පුරා සියයට 60කගේ රැකියා අවදානමේ

ලොව පුරා සියයට 60කගේ රැකියා අවදානමේ

කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි මේ බව අනාවරණය කර ඇත්තේ.

එහිදී ඇය වැඩිදුරටත් අවධාරණය කළේ සංවර්ධනය වෙමින් පවතින රටවලට එම බලපෑම සියයට 40ක් වන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය තවත් පිරිසකට ප්‍රතිලාභ වර්ධනය කර ගැනීමට ඉවහල් වන බවයි.