25.6 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කළේ කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි ඔහු පවසන්නේ.