25.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුවේ සභාවාරය 24 වැනිදායින් අවසන්

පාර්ලිමේන්තුවේ සභාවාරය 24 වැනිදායින් අවසන්

ලබන 24 වැනිදා 0‍9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ලබන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමත් සමඟ කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක නිල කාලය ද අහෝසි වනවා.

සිව්වන සභාවාරය වාර අවසන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ නව සභාවාරය පෙබරවාරි මස 07 වැනිදා ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමට නියමිතයි.