― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsසෞදියේදී එක්තැන් වූ රසින්ත දිවයිනට රැගෙන එයි

සෞදියේදී එක්තැන් වූ රසින්ත දිවයිනට රැගෙන එයි

සෞදි අරාබියේ සේවයේ නිරතව සිටිය දී අනතුරකට ලක්ව එක්තැන්ව සිටි රසින්ත ලියනාරච්චි නැමැති තරුණයා අද (16) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

සෞදියේ රියාද් නුවර සිට අද උදෑසන 6.10ට කටුනායකට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරණ යානයෙන් ඔහුව මෙරටට රැගෙනවිත් තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු දෙදරු පියෙක්.
2023 වසරේ මාර්තු මස 12 වැනිදා සෞදි අරාබියේ කාර්මික රැකියාවක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත්ව ගොස් ඇති රසින්ත, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සේවය කරන ස්ථානයේ දී හදිසි අනතුරකට ලක්ව තිබුණා. අනතුරෙන් පසු ඔහු එරට රෝහලක හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති අතර එහි මාස 03ට අධික කාලයක් ප්‍රතිකාර ලබාගෙන තිබුණා.

කෙසේ වෙතත් එහි ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔහු සේවය කළ ආයතනයේ ස්ථානයක තවදුරටත් නවාතැන් පහසුකම් සපයා ගනිමින් ඇඳක් මත තබා තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

තම සැමියාට මුහුණදීමට සිදු වූ මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් රසින්තගේ බිරිඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සිදුකළ ඉල්ලීමක් මත අද (16) දිනයේ ඔහුව මෙලෙස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණා.

එලෙස දිවයිනට ගෙන්වා ගත් රසින්තව ගිලන් රථයකින් මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත්තා.