― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅධි රුධිර පීඩනය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

අධි රුධිර පීඩනය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

මෙරට වැඩිහිටි ජනගහනයෙන් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු අධික රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබෙනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උදය රළපනාව පවසන්නේ වර්තමානය වනවිට අධික රුධිර පීඩනය හේතුවෙන් සිදුවන මරණ ගණනද ඉහළ යමින් පවතින බවයි.

දකුණු ආසියාතික රටවල මැදිවියේ පුද්ගලයන් තුළ මේ තත්ත්වය වැඩි වශයෙන් හඳුනාගත හැකි බවත් ශ්‍රී ලංකාවේද කොරෝනා ව්‍යසනය ඇති කාලයේ සිට වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අවපාතය වැනි සමාජ, ආර්ථික ප්‍රශ්න මේ තත්ත්වය ඉහළ යාමට බලපා ඇති බවයි.

මෙහි රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් අධික රුධිර පීඩනය නිහඬ මරණයක් පුද්ගලයෙකුට උරුම කර දෙන බවත් ඉතා කලාතුරකින් අධික හිසරදය, ක්ලාන්තය වැනි රෝගී තත්ත්වයන් මේ තත්ත්වය උත්සන්න වූ විට ඇති විය හැකි බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ජනතාව අතර අධික රුධිර පීඩන තත්ත්වය වැඩි වීමට හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ රටේ මතුව තිබෙන තත්ත්වය දැනට බොහෝදෙනෙකු මානසික ආතතියෙන් පෙළීමයි.

අධික රුධිර පීඩන තත්ත්වය පෙර ලක්ෂණ පහළ කරන්නේ නැති නිසා බොහෝ විට මරණය දක්වාම එය හඳුනාගත නොහැකියි. මේ තත්ත්වය පාලනය නොකළහොත් එයින් ඇතිවිය හැකි සංකූලතා බොහොමයක් ඇතිවෙන්න පුළුවන්. ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම, හෘදයාබාධ වැනි තත්ත්වයන් ඒ අතර ප්‍රධානයි.