28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් ගත් පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ලබාගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මොවුන් දෙදෙනා රුපියල් 10,000ක අල්ලසක් ලබාගෙන ඇති බවයි.

නාරම්මල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත ඊයේ (16) පස්වරුවේ නාරම්මල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී මත්පැන් සඳහා නඩු නොදමා අඩු ප්‍රමාණයකට නඩු පැවරීම වෙනුවෙන් සහ ඉදිරියට කසිප්පු විකිණීමේ කටයුතු සිදුකර ගෙන යන ලෙස දන්වා ඒ සඳහා නීති මඟින් කටයුතු නොකර සිටීමට අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.