― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsතරග පරාජයට හේතුව වනිඳු කියයි

තරග පරාජයට හේතුව වනිඳු කියයි

පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම යන අංශ තුනෙන් ම සිදු වූ යම් යම් අතපසුවීම් හේතුවෙන් මෙම තරගය පරාජයට පත්වීමට සිදු වූ බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16) සිම්බාබ්වේ සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වෙමින් වනිඳු මේ බව සඳහන් කළා.

තමන් නිදහසට කරුණු කීමට අකමැති බවයි වනිඳු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් මෙම තරගය ජයගැනීමට හැකිව තිබූ බවයි ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඕල් රවුන්ඩස්ලා දෙන්නෙක්ගෙන් යනකොට අපි ඕවස් හතරක් අපි හදන්න ඕන. ඒ ඕවස් හතර හදද්දී මම බැලුවේ පුළුවන් තරම් අන්තිම ඕවරේට එනකොට එයාලට ගහන්න තියෙන ලකුණු සංඛ්‍යාව වැඩි කරන්න, මට ඕන විදියට වුණා. ඉතින් අවාසනාවකට මේ වගේ තරගයක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ වැරදිත් හදාගෙන ඉස්සරහට එන්න තමයි බලාපොරොත්තුව.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරයේ ජයග්‍රහණය අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවෙන් උදුරාගන්නට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණා.

ඒ එම තරගය ජයගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 174ක ඉලක්කය පන්දුවාර 19යි පන්දු 05ක් තුළ පසුකර යමින්.