27.8 C
Colombo
Monday, May 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාසල් අරඹන දිනය කල් යයි

පාසල් අරඹන දිනය කල් යයි

2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනිදා පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ මෙලෙස පාසල් ආරම්භ කරන දිනය කල් ගිය බවයි.

මීට පෙර 2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළ නමුත් උසස් පෙළ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කිරීමත් සමඟ එය කල් ගොස් තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිතය.

පළමු කොටස පෙබරවාරි 01 වැනිදාම පස්වරු 01.00 සිට 3.00 දක්වා පැවැත්වෙනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.