26.1 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිරිමි රිලවුන් වන්ද්‍යාකරණ ව්‍යාපෘතිය ඇරඹේ

පිරිමි රිලවුන් වන්ද්‍යාකරණ ව්‍යාපෘතිය ඇරඹේ

මෙරට තුළ විශාල ව්‍යසනයක් බවට පත්වී ඇති රිළා උවදුර මර්දනය කිරීමේ ප්‍රථම නියමු ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයෙන් අරඹා තිබෙනවා.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කය තුළ වගා හානි සිදුකරන පිරිමි රිලවුන් වන්ද්‍යාකරණයට ලක් කෙරෙනු ඇති.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ පැවසුවේ.

මාතලේ දිස්ත්‍රික්කයේ රිලවුන් ගහණය වැඩිවීමත් සමග මෙම ප්‍රදේශයේ ඇති වෙලා තියෙන කෘෂිකර්මික ගැටලුවක් විදියට සාකච්ඡා කළා මෙතැනදී ලංකාවේ ක්‍රියාත්මක කරන පළමු පිරිමි රිලවුන් වන්ද්‍යාකරණ ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකිරීමට මුදල් වෙන් කරලා තියෙනවා.