― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබිල් නොගෙවූ 80,000කගේ ජල සැපයුම විසන්ධි කෙරේ

බිල් නොගෙවූ 80,000කගේ ජල සැපයුම විසන්ධි කෙරේ

පසුගිය වසර තුළ ජල පාරිභෝගිකයින් 80,000කට අධික පිරිසකගේ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල ගාස්තු නොගෙවීම් හේතුවෙනුයි ඔවුන්ගේ ජල සැපයුම විසන්ධි කර ඇත්තේ.

ඒ අනුව ලක්ෂ 30ක් පමණ වන ජල පාරිභෝගිකයින්ගෙන් 80,970 දෙනෙකුගේ ජල සැපයුම් විසන්ධි කර ඇති බවත් ඒ අතර ගෘහස්ත පාරිභෝගිකයින් 63,150 දෙනෙකු සිටින අතර ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් සංඛ්‍යාව 17,820ක් බවත් එම මණ්ඩලය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ ජල සැපයුම විසන්ධි කළ පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1,909ක් ජලාපවහන මණ්ඩලයට ලැබිය යුතු බවයි.

එමෙන්ම ජල ගාස්තු නොගෙවීම හේතුවෙන් රුපියල් මිලියන 6,118ක් මණ්ඩලයට අයකර ගත යුතුව ඇති අතර ඒ අනුව රෝහල් මඟින් රුපියල් මිලියන 182ක් ද, පාසල් මඟින් රුපියල් මිලියන 175ක් ද, හමුදාව සහ පොලීසිය මඟින් රුපියල් මිලියන 116ක් ද ඇතුළුව ජල සම්පාදන මණ්ඩලය හිඟ වාරික අය කරගත යුතුව පවතී.

මේ අතර ජල සම්බන්ධතා විසන්ධි කර ඇති පාරිභෝගිකයින් හට ගෙවිය යුතු මුදලින් සියයට 25ක මුදලක් ගෙවා යළි සබඳතාව ලබාගෙන ඉදිරි ගෙවීම් කටයුතු සිදුකරගෙන යා හැකි බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.