26 C
Colombo
Thursday, February 22, 2024

මසකදී යුක්තියෙන් සැකකරුවන් 40,590ක් අල්ලයි

පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබන යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය දෙසැම්බර් මස 17 වැනිදා සිට මාසයක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 40,590 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 38,225ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,365ක් ඊට අයත් වෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතරින් සැකකරුවන් 1,703ක් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 1,867ක් පුනරුත්තාපනය සඳහා යොමු කර තිබෙනවා.

නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 225ක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,801ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,365 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 1,499ක් ද වනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 149ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 181ක් ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මාසයක කාලය තුළ හෙරොයින් කිලෝ 73යි ග්‍රෑම් 300ක්, අයිස් කිලෝ 206ක්, කොකේන් ග්‍රෑම් 948ක්, අබිං කිලෝ 49යි ග්‍රෑම් 200ක්, හෂීස් කිලෝ 07යි ග්‍රෑම් 200ක්, ඈෂ් කිලෝ 36යි ග්‍රෑම් 200ක්, ගංජා කිලෝ 655ක්, ගංජා පැල 2,992,653ක්, මාවා කිලෝ 136යි ග්‍රෑම් 500ක්, තූල් කිලෝ 06යි ග්‍රෑම් 600ක්, කුෂ් කිලෝ 01යි ග්‍රෑම් 800ක්, මදන මෝදක කිලෝ 16යි ග්‍රෑම් 200ක් සහ මත්පෙති 99,908ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 4791කට ආසන්නයි. පොලිසිය විසින් තහනමට ගත් දේපලවල වෙළෙඳපොල වටිනාකම මිලියන 725 කට ආසන්න බවටයි අනාවරණය වී ඇත්තේ.

Latest

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන...

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (21) දිනයේදී මාළු මිල...

රිය අනතුරකින් සරසවි සිසුවා ජීවිතක්ෂයට

අද (21) උදෑසන සිදුවූ රිය අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙක්...

හෙට රතු වෙන නෙළුම් කුළුණ

කොළඹ නෙළුම් කුළුණ හෙට (22) දිනයේදී රතු පැහැයෙන් ආලෝකමත්...

Don't miss

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

ලබන සතියේ දින 03ක් මැතිසබේ රැස්වෙයි

එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තු රැස්වීම්...

රට ගොඩගන්න පුළුවන් එකම නායකයා රනිල් විතරයි

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා හැකියාව ඇති එකම...

මම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා – ජනපති

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව...

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම...

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (21) දිනයේදී මාළු මිල ඉහළ ගොස් තිබෙනවා. මාළු වෙළෙන්ඳන් පවසන්නේ අද දිනයේදී බලයා මාලු කිලෝවක් රුපියල් 700 - 600ත් අතර...

රිය අනතුරකින් සරසවි සිසුවා ජීවිතක්ෂයට

අද (21) උදෑසන සිදුවූ රිය අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ මනිපායි ප්‍රදේශයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here