23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති රනිල් උගන්ඩාවට

ජනපති රනිල් උගන්ඩාවට

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතය.

එම සංචාරයේදී ජනාධිපතිවරයා G77 සහ චීනයේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 – China) සඳහා සහභාගි වීමටද නියමිතය.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනිගේ (Yoweri Museveni) ආරාධනයක් අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව ‘හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම’ යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වේ.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවෙකු අත් නොහරිමු’ යන්නයි.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.