― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර හමුවෙයි

කිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර හමුවෙයි

කැලණි ගං තොටුපොළේදී කිඹුලෙකු විසින් ඩැහැගත් දස හැවිරිදි දරුවාගේ සිරුර හමුවී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අඹතලේ ජල පවිත්‍රාගාරය අසළ තිබී මෙම සිරුර සොයාගත් බවයි.

මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචි දිස්න ප්‍රබෝද් නම් 09 හැවිරිදි දරුවෙකි.

කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විද්‍යාලයේ 5 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔහු දිය නෑමට ගොස් තිබුණේ සිය මිත්තණිය සහ බාල සහෝදරයාද සමඟයි.