― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරට පුරා සරම්ප එන්නත්කරණ වැඩසටහනක්

රට පුරා සරම්ප එන්නත්කරණ වැඩසටහනක්

ජනවාරි මස 20 සහ 21 දිනවලදී රට පුරා සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙතෙක් එන්නත් ලබානොගත් වයස මාස 9ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙනු ඇති.

සෞඛ්‍ය අමාත්‍යංශය මවුපියන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලුම කාණ්ඩවල දරුවන්ට සෑම දිස්ත්‍රික්කයකම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලින් එම එන්නත ලබා දීමට කටයුතු කරන ලෙසයි.

පසුගිය දිනවල පැවැත්වුණු සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සක්‍රිය මට්ටමට ගෙන ඒම සඳහා එළඹෙන 20 සහ 21 දෙදින තුළදී වයස මාස 9 සහ අවුරුදු 15 වයස් කාණ්ඩයේ දරුවන් සඳහා සරම්ප එන්නත් කිරීමේ වැඩසටහනක් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි විශේෂඥ වෛද්‍ය එස්.එම්. අර්නල් සඳහන් කළේ.